නොහිතා ගත්තු තීරණයක්

සමාධිගේ කතාව

සමාධිගේ කතාව

අහම්බෙන් හම්බෙලා ජීවිතය වෙනස් කරපු මිනිස්සු මගේ කතාවෙ ඕනෙතරම් ඉන්නවා.ඒ අතරෙන් මට අමතක කරන්න බැරි චරිතයක් ඉන්නවා.ඒ තමයි සමාධි.


සමාධිව මට හම්බෙන්නෙ කුරුණෑගලදී ය.ඒ කුරුණෑගල බස් නැවතුම්පොළේ කොළඹ බස් නවතා තබා ඇති ස්ථානයේදීය.දැක්කාම කාගේත් හිත් සිතුවම් වන රුවක් ඇගේ නෙත් දෙකට තිබුණේය.අප දෙදෙනාම සිටියේ එකම පෝලිමේ ය ඒ බසයට ගොඩ වීම සඳහාය.ඇය මට කලින් සිටි නිසා ඇය බසයට කලින් ගොඩ විය.ඇය බස් රථයේ පිටුපස ආසනයේ කෙළවරට ගියාය.මා ඇය ළගින්ම ඉඳගත්තේ මහත් ඕනෑකමිනි.බස්රථයේ කෙමෙන්  සියළුම මගීන් පටවාගෙන ගමන් ගන්නට පටන් ගත්තේය.


ඇය එය ජනේලය දෙස බලාගෙන තමන්ගේම ලෝකයක ගමන් කරයි.මා ගොළුවකු මෙන් ගොළුවකු මෙ කුමන හොඳ සිහි බුද්ධියෙන් ඇයගේ අවධානය දිනා ගැනීමට බලාගෙන සිටියේය.බසය පොල්ගහවෙල හරියට ගමන් කරන විට විශ්ව විද්‍යාලයේ මාගේ හොදම මිතුරෙකු වු දමිත් මා හට දුරකථන ඇමතුමක් ගත්තේය.ඔහු එකවරම මගෙන් ඇසුවේ
උඹ හෙට කැම්පස් එකේ ෂෝ එකට එනවා නේද? යනුවෙනි.


ඔව් බං.මං එන ගමන් ඉන්නේ දැන් පොල්ගහවෙල පාස් කරා. මම පිලිතුරු දුන්නේය.


හරි හරි එහෙනම් උඹ කෙලින්ම හොස්ටල් එකට වරෙන්.මම ජුංඩලාගේ පැත්තේ ඉන්නේ මලක් ගහන ගමන්.

ඔහු  එසේ පවසනවාත් සමග අනෙක් පස අසුනේ සිටි මා තවමත් නම නොදන්නා සුරූපී තරුණිය එක්වරම බසයට ඇහෙන්නට සිනාසුනි.ඇය මා දෙස බලා සිනාසෙයි.බසයේ සියලු දෙනා මා දෙස බලයි.මට අනෙක් පැත්තේ සිටින්නේ අවුරුදු 65 ක පමණ ආච්චි කෙනෙකි.ඇය පැවසූ දෙයින් මටද සිනහවක් පහළ විය. එය නම්,

ලඟදි ද පටන් ගත්තේ  යනුවෙන්ය.


මගේ සිනහව දුටු තරුණිය නැවත ද සුපුරුදු පරිදි ජනේලය දෙස බලාගෙන ගමන් කරන්නට විය.මීට සුළු සුළු මොහොතකට පෙර ඇගේ තිබූ සිනහව දැන් නැත. පාසල් වියේ සිටම නාට්‍ය හා රංග කලාව හදාරා ඇති මා විශ්ව විද්‍යාලයේ ද කරනු ලැබුවේ නාට්‍ය හා රංග කලාව යි.එය කරණ කොටගෙන ගුප්ත බැඳීම පසෙකලා මම ඇය සමග කථා කිරීමට පටන් ගත්තේය.


ඇයි ඔයා එක එක පාරටම හිනා උනේ.මට නේද ? මම ඇසුවෙමි.


නෑ. ඇය පැවසුවාය.


මම: එහෙනම්


එයා:ඔයාගේ යාළුවගේ නමට


මම: දමිත්ගේ


එයා: නෑ අනිත් එක්කෙනාගේ නමට


මම: ජුංඩ..

කියනවාත් ඇය නැවත වරක් සිනාසෙන්නට පටන් ගත්තාය.මෙවර මගේ අත ඇගේ කට වෙත ක්‍රියාත්මක වී එය වසා ගත්තේය.
හරි හරි යනුවෙන් ඇය ඔලුවෙන් සංඥාවක් කරනු ලැබුවේ මට මගේ අත ඉවත් කර ගැනීම කරගැනීම සඳහාය. 

මීළඟ කොටසින් හමුවෙමු

සෙනෙහස SENEHASA about Love

සමාධිගේ කතාව දෙක

නොහිතා ගත්තු තීරණයක්

සෙනෙහස SENEHASA ෆේස්බුක් Group එකට Join වෙන්න ❤

https://www.facebook.com/groups/1415992448823290/?ref=share_group_link

Comments

2 responses to “නොහිතා ගත්තු තීරණයක්”

  1. නොහිතා ගත්තු තීරණයක් – සෙනෙහස SENEHASA avatar

    […] නොහිතා ගත්තු තීරණයක් […]

    Like

Leave a comment

Design a site like this with WordPress.com
Get started