නොහිතා ගත්තු තීරණයක්

සමාධිගේ කතාව : දෙක

බලාපොරොත්තු ඔබව ජීවත් කරයි

මා ඇගේ කටින් මගේ අත ගත්තේය.එක් වරම ඇය ඇසූ දෙයින් මගේ හිතට අමුතුම හැගීමක් පහල විය.
ඇය: ඔයා කැම්පස් නේද?
මම:ඔව්
ඇය: කොහෙද?
මම: කොළඹ. ඔයා කොහොමද දන්නේ
ඇය:මට ඇහුණා ඔයාගේ යාලුවා කියනවා හෙට කැම්පස් එකේ පාටි එකක් කියලා අහගන හිටියා නේ!
ඇය:නෑ ඉතිං මට ඇහුනා.
මම:ඒක තමයි හිනා ගියේ නේද?
ඇය:හම්. මට සමාවෙන්න
මම: අයියෝ ඕක මොකක්ද?
මෙම කතාව මේ ආකාරයෙන් යන විට බස් රථය  අඹේපුස්ස පසු කළේය.අඹේපුස්ස හමුදා මූලස්ථානය පසුකරන විට ඇයගේ මුහුණ වෙනස් විය.ඇය මගේ මුහුණ දෙස බලා,
“මටනම් ආමි කාරයෝ පෙන්නන්න බෑ අයියේ”
“ඇයි? මම ඇසුවෙමි.
මගේ ජීවිතේ හැම දෙයක්ම වෙනස් උනේ ආමි කාරයෙක් නිසා අයියේ. ඇය එසේ පවසනවාත් සමග ම ඇගේ දෙනෙත් මතින් කඳුළු බිඳු වැටෙන්නට විය. ඇගේ කඳුලු බිංදු  වැටීම මගේ හිතට තදින් දැනෙන්නට විය.මා සිතන්නේ එසේ සිදුවූයේ මාගේ මිය ගිය පෙම්වතිය ගැන මගේ සිතට නැගීම නිසා කියා මට සිතෙයි. ඇය මියගොස් වසර දෙකකි.අතීතය ගැන සිහි කිරීමෙන් ඵලක් නැත.එය මතකයක් පමණයි.
නිශ්ශබ්දතාවය බිඳදමා නැවත මා ඇය සමඟ කතා කරන්නට පටන් ගත්තේය.
මම: මොකක්ද නංගි ඔයාගේ නම?
අය:සමාධි. අයියගේ..?
මම: නිශ්ශංක. මම ඔයාගෙන් දෙයක් අහන්නද?
ඇය: මොකක්ද? අහන්න
මම: ඇයි ඔයා ආමි කාරයොත් එක්ක ඔච්චර තරහ
ඇය:මාව රැවැට්ටුවා බලාපොරොත්තු දීලා මාව විනාශ කළා.
මම:ඒ කිව්වේ..
ඇය: ඇයි මගෙන් මං ගැන අහන්නේ
මම: නිකං මට හිතුනා මම ඇහුවා
ඇය:ඔයාට ඕනේ ඒක දැනගන්න.
මම:හිතේ දෙයක් හිරකරන් ඉන්නවට වඩා හොඳයි ඒක තව කෙනෙක් එක්ක කියන එක එතකොට හිත නිදහස් වෙනවා
ඇය:ඔව්.ඒත් මට විශ්වාසය නෑ පිරිමින්ව. ඔක්කොම එකයි.
මම:එහෙම කියන්න එපා හැමෝම එහෙම නෑ
ඇය:මගේ කතාව ඔයාට කියන්න බෑ අයියේ.ඒක කාටවත් කියන්න බැරි විදිහේ කතාවක්.

මම:ඒ කියන්නේ?

ඇය:මට බලාපොරොත්තු දීලා මාව විනාශ කරා.මගේ හැමදේම මට අහිමි කළා.මට මාවත් නැති කලා

ඇයගේ කතාව අසනකම් මම නොයිව සිල්ලෙන් බලා සිටියෙමි. ඇය කෙරෙහි වූ ආකර්ෂණය නිසා මා මෙසේ ඇය සමගින් කතා කරන්නට විය.

මම:එයා ඔයා එක්ක sex කරාද?

ඇය: ඊයා. ඒක sex නෙවෙයි. බලහත්කාරකමක්……..

මීළඟ කොටසින් හමුවෙමු

සෙනෙහස SENEHASA about Love ❤

සමාධිගේ කතාව තුුන

සමාධිගේ කතාව

නොහිතා ගත්තු තීරණයක්

සෙනෙහස SENEHASA ෆේස්බුක් Group එකට Join වෙන්න ❤

https://www.facebook.com/groups/1415992448823290/?ref=share_group_link

Design a site like this with WordPress.com
Get started