සමාධිගේ කතාව

නොහිතා ගත්තු තීරණයක්

මම: ඒ මොකද ඩොක්ට කෙනෙක් ළගට  යන්නේ

ඇය: ඊට පස්සේ  අපි ආදරෙන් හිටියා.සුසුමක් හෙලා.. ඒ මිනිහා මෙහෙම එකෙක්  කියලා දන්නවානම් මම ඒකව මරනවා නින්දෙදි

මම:ඇයි එයා කොහොම කෙනෙක් ද? ඔයා කැමතිනම් විතරක් කියන්න සමාධි

ඇය:එයා… තිරිසනෙක්..ඔව් .. මං ඔයාට කතාව කියන්නම්.හැබැයි මේක රහසක් කාටවත් කියන්න එපා අයියේ…

මම: හිස සැලීය

ඇය:ගිය අවුරුද්දේ අගෝස්තුවේ තමයි අපේ කැඩෙට් කෑම්ප් තිබ්බේ. නොවැම්බර් වෙනකම් අපි  හැමදාම වගේ හම්බුනා…

නොවැම්බර් 20න් පස්සේ එයාව ඇහැටවත් දැක්කේ නැ. මට ඒ දවස අමතක කරන්න බෑ.

මම:ඒ මොකද?

ඇය: අපි එකතු වුන හැම දවසකම එයා පෙත්තක් දෙනවා.මාත් බොනවා. ඔක්තෝබර් මාසේ නිවාඩුවට සමන්ත ආවට පස්සේ තමයි මට වද දෙන්න ගත්තේ.

මම: ඔයාට හිරිහැර කරාද නංගි. මං දෙයක් කියන්නම් ඒක මගේ හිතට දැනෙන දෙයක්. ඔයා වගේ ලස්සන කෙනෙක්ට වද දෙන්න වු ඇත්තම තිරිසනෙක් වෙන්නම ඕනේ….

හරි හරි දැන් නවත්තපු තැනින් පටන් ගන්න.

ඇය:ක්ලාස් කට් කරලා අපි වැව රවුමට ගියා.එතනට ගියාම හිතට සහනයක් දැනෙනවා. පුංචි කාලේ තාත්තත් එක්ක ආවට පස්සේ වැව රවුමට ආවේ සමන්ත එක්ක. තාත්ත නැති වුනාට පස්සේ මං කාත් එක්ක එන්නද?

මම:අම්මා?

ඇය:අම්මා මම පොඩි කාලේ ඉදන් රට. මම දැකලා තියෙන්නෙත් දවස් ටිකයි.

මම:තාත්තා නැති වුනේ ඔයා පොඩි කාලෙදී ද?

ඇය :එතකොට මට වයස 9යි. මට හොදට මතකයි.ශිෂ්‍යත්වයට අවුරුද්දයි තිබ්බේ.එයා ගොඩක් ආසාවෙන් හිටයේ මම පාස් වෙයි කියලා. මම ගත්තේ ලකුණු 80 ද කොහෙද?

අනේ මන්දා කතාව පටන් ගත්තේ කෙහෙන්ද? දැන් ඉන්නේ කොතනද? මාත් කතා කරන්න ගත්තාම පිස්සෙක් වගේ.

මම: එහෙම නෑ. ඔව්නේ අපි කොතනද නැවැත්තුවේ ආ.. අර වද දුන්නු කතාව…

ඇය:ඔව්, සමන්ත අයියා කිව්වා නිදහස් තැනකට යමු කියලා. ඉතිං වැව නිදහස් නැද්ද කියලා මම අහපු දේට උත්තරය වුනේ ටිකක් a/c එකේ ඉදලා ඇග රිලැක්ස් කර ගන්න ඕනේ කියලා.

අපි කාමරයට ඇතුළු වූ පසු ප්‍රථමයෙන් බාත්රූම් එකට ගියේ සමන්ත. ලයිටර් එකේ ටික් ටික් සද්දයත් ඇහුනා. බාත්රූම් එකේ දොර ඇරන් ආවේ දෙවියෙක් වගේ. සිගරට් එකක් බිව්වා බබා කියලා මම අහන්න කලින් එයා කිව්වා

ඊට පස්සේ මාත් වොෂ් එකක් දාගෙන වෙනදා වගේම සමන්තගේ තුරුලට ගියා. එයා බ්ලූ එකක් බලන ගමන් හිටියේ.

බබා අද අපි මෙහෙම කරමුද ?කියලා සමන්ත අහද්දිම මම බෑ කිව්වා. ඊට පස්සේ මම සමන්තට කිව්වා අපේ ගෙදර ඇවිත් කිරිඅම්මත් එක්ක කතා කරන්න කියලා.

එයා කිව්වා ඒකට තව කල් තියෙනවනේ කියලා. ඒ කතාව එයා හැමවෙලාවෙම මග ඇරියා.මමට වුවමනා වුනේ සමන්තව මගේම කරගන්න. ඒත් එයාට ඕනේ වුනේ මගේ ඇග විතරයි.

මම: කතාව කියන්නකෝ

ඇය:ඔයාට නම් කතාවක්, මට මගේ මුළු ජීවිතේම. එදා අපි ගොඩක් රණ්ඩු වුනා. බැන ලසසලගත්තා. එක පාරටම එයා බෑග් එකෙන් රෙදි කෑල්ලක් අරගෙන මගේ අත් දෙක බැන්දා. ඊට පස්සේ….

ලණුවකින් මගේ කකුල් බැදලා මාව දූෂණය කරා. එක එක වද දුන්නා අයියේ. මට ඔයාට කියන්නත් ලැජ්ජයි…

මම: හරි නංගි ඇති ඇති කතාව ඇති. ඔයා අඩන් නැතුව ඉන්න….

මීළඟ කොටසින් හමුවෙමු

සමාධිගේ කතාව තුන

සමාධිගේ කතාව

සමාධිගේ කතාව දෙක

නොහිතා ගත්තු තීරණයක්

සමාධිගේ කතාව එක

නොහිතා ගත්තු තීරණයක්

Comments

Leave a comment

Design a site like this with WordPress.com
Get started